සිව්දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා යමෙක් කුටි සෙනසුන් සාදා පූජා කරනු ලබත් ද, හේ වනාහී සියල්ල දන් දුන්නා වේ.
(කිංදද සූත්‍රය)
ගෞතම බුදු සමිඳුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් ඔබගේ ජීවිතය සුවපත් කරවන්නටත්, මෙලොව පරලොව යහපත සලසනු පිණිසත්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන්නට යෙදුණේ මහමෙව්නාව අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු නිර්මාතෘ වන අපගේ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් යුතුවය.
මේ වන විටත් කුලී පදනමක් යටතේ පවත්වාගෙන යනු ලබන නිවෙසක පින්වත් ස්වාමීන් වහන්සේලා තුන් නමක් වැඩ සිටින අතර, ගෞතම බුදු සමිඳුන්ගේ නිමල දහමින් ඔබගේත්, ඔබගේ දරුවන්ගේත් ජීවිත සුවපත් කරන්නට නොයෙක් අයුරින් සදහම් වැඩසටහන් පෙළක් ද දියත් කෙරෙමින් පවතී.
ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවෙන් සිදුකරන ශාසනික සේවාවන් තවදුරටත් පහසුවෙන් සිදු කරගෙනයාමටත්, මහ සඟරුවනේ පහසුව පිණිසත් හැකි ඉක්මණින් ස්ථිර භූමියක් පූජාකරනු පිණිස අවශ්‍ය මූලික මුදල සපයා ගැනීමට පින්වත් ඔබටත් ශක්ති පමණින් දායක විය හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය මූලික මුදල සපයා ගැනීම සඳහා ආරම්භ කරන ලද උත්තම ආරාම පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ”රන්කහවනු පූජාව” නමින් අරමුදල් එක් රැස්කිරීමට ක්‍රමයක් සකස් කර ඇත.
මේ සඳහා සම්බන්ධ වන ඔබට ඔබගේ දායකත්වය කොටස් වශයෙන් ලබාදිය හැකිය.
ඔබට දායකත්වය බාරගත හැකි රන්කහවණු කොටස්වල වටිනාකම
NZD 500 / 1000 /2500/ 5000/ 10000/ 15000
වශයෙන් වේ. (එසේ නැතිනම් තමන්ට හැකි අයුරින් එය වෙන් කරගත හැකියි). ඒ සඳහා වන මුදල් දායකත්වය එක්වර හෝ කොටස් වශයෙන් පරිත්‍යාග හැකියි.ඔබ විසින් බාරගෙන පරිත්‍යාග කරණු ලබන වටිනාකමට අදාළව සමරු සිහිවටනයක් ලෙසින් එම රන් කහවණුව ඔබට ලබා දීම සිදුකෙරේ.
ජීවිත කාලය තුලදී කළාතුරකින් සිදුකරගත හැකි මහානීය පින්කමක් වන ආරාම පූජාවක කොටස් කරුවෙකු වීමට පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
(පින්වත් ඔබත් මේ සඳහා දායක වීමට කැමති නම් වැඩි විස්තර ලබා ගැනීමට පහත Link එක Click කර අදාළ පෝරමය පුරවා අප වෙත යොමු කරන්න.)
https://forms.gle/8CpNACQ6KBwfe2AG8
එසේ නොමැති නම් පහත සඳහන් අපගේ ගිණුමට මුදල් බැරකළ හැකියි.
Account Details
ඔබ විසින් ආරාම පූජාව වෙනුවෙන් මුදල් පරිත්‍යාගය ගිණුමට බැර කරන්නේ නම් මුදල් තැන්පත් කළ පසු ලැබෙන රිසිට්පත, ඔබගේ නම, දුරකථන අංකය සමග info@mahamevnawa.co.nz යන අපගේ ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. (ඔබ විසින් පරිත්‍යාග කරණු ලබන වටිනාකමට අදාළව සමරු සිහිවටනයක් ලෙසින් අදාළ රන් කහවණුව ඔබට ලබා දීම සහ පුණ්‍යානුමෝදනා රිසිට්පතක් ලබා දීම සිදු කෙරේ.)
- Bank Account No. :- 06 – 0172 – 0819872 – 00
- Bank Account Name :- MAHAMEVNAWA DHAMMA CIRCLE
- Bank :- ANZ
- Reference :- Your Name
- ANZ Bank New Zealand Limited SWIFT code :- ANZBNZ22
- විමසීම් – භාණ්ඩාගාරිකතුමා (චානක සොයිසා) – +64 21 138 7391
- අනුශාසක ස්වාමින් වහන්සේ (ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව – +64 21 264 8748
මේ සඳහා ඔබට සම්බන්ධ වියහැකි පහසු මග පෙන්වීම් පෙළක්.
ඔබගේ හෝ ඔබගේ දරුවන්ගේ හෝ ඔබගේ දෙමාපියන්ගේ හෝ උපන්දිනයක් ඇත්නම්,
ඔබගේ හෝ ඔබගේ දරුවන්ගේ හෝ ඔබගේ දෙමාපියන්ගේ හෝ උපන්දිනයක් ඇත්නම්, දරුවන්ගේ අනාගතය පිනෙන් පුරවාලීම පිණිසත්, අනාගත දරුවන් පින කෙරෙහි නැඹුරු කිරීම පිණිසත්, භෞතිකමය වශයෙන් ලබාදෙන දාන අතර අග්‍ර වූ ආරාම පූජාව සඳහා දායකත්ව කොටසක් ලබා දී ඒ අය වෙනුවෙන් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් පිනෙහි ආනුභාවයත් ලබාදීම.
(ඔබගේ දරුවාගේ උපන්දිනය පවතින දිනයේ හෝ ඒ ආසන්න දිනයක පවුලේ සාමාජිකයින් සමඟ අසපුභූමියට පැමිණ එදින සවස 7.00ට පවත්වනු ලබන සම්බුද්ධ වන්දනාවට සම්බන්ධ වී සෙත් පිරිත් සජ්ඣායනාය කරමින් ආශිර්වාදය ලබාදීමේ අවස්ථාවද උදා වේ.)
ඔබගේ මියපරලොව ගිය දෙමාපිය හෝ වේවා ඤාති හිතමිතුරෙකු වෙනුවෙන්
ඔබගේ මියපරලොව ගිය දෙමාපිය හෝ වේවා ඤාති හිතමිතුරෙකු වෙනුවෙන් වේවා අග්‍ර වූ පිනක් රැස්කොට පින් අනුමෝදන් කරනු අපේක්ෂාවක් වෙයි නම් මේ ආරාම පූජාව සඳහා දායකත්ව කොටසක් ලබාදී එම පින ඔබගේ ඤාතියා වෙනුවෙන් අනුමෝදන් කිරීම.
(මෙම පින්කමට සම්බන්ධ වන ඔබට ද ඔබ පින් අනුමෝදන් කිරීමට අපේක්ෂා කරන දිනයට අසපුවෙහි සවස 7.00ට පවත්වනු ලබන සවස සම්බුද්ධ වන්දනාවට සම්බන්ධ වී පින් අනුමෝදන් කළ හැකිය. )
ඔබගේ විවාහ සංවත්සරය නිමිති කරගනිමින්
ඔබගේ විවාහ සංවත්සරය නිමිතිකරගනිමින් සුවිශේෂ පිනක් රැස්කරගැනීමට කැමති නම්, මේ අග්‍ර පිනක් වූ ආරාම පූජාව සඳහා කොටස් වශයෙන් දායකත්වය ලබා දී මෙම ආරාම පූජාවේ කොටස් කරුවන් විය හැකිය.
පිනට කැමති ඔබට පහසුම මගක්...
ඔබගේ ජීවිතයට අග්‍ර පින් එකතු කරනු කැමති නම් ඔබ, දවසේ පැය අටක් සේවා ස්ථානයෙහි වැඩ කරයි නම්, සෑම පැයකට වරක් ඩොලර් 01 එකතු කරන්න. දවස ගෙවෙන විට ඔබ මේ අග්‍ර පින වෙනුවෙන් වෙන්කළ මුදල ඩොලර් 08කි. දවස් විස්සක් ගතවන විට ඔබ අත අග්‍ර පින වෙනුවෙන් ඩොලර් 160ක් ඇත. දින 62ක් ගතවන විට ඔබට මේ අග්‍ර පින වෙනුවෙන් වෙන්කළ මුදල ඩොලර් 500කි.
ඔබගේ දරුවන් තුළ පින උපද්දවන පහසු මගක්...
ඔබගේ දරුවන්ගේ ජීවිතය පිනෙන් පිරවීම පිණිසත්, දරුවන් හට ඉතිරිකිරීම සහ පින්කිරීම හුරු කිරීම පිණිසත් කුඩා කැටයක් දරුවෙකු හට ලබා දී හැකි අයුරින් මුදලක් එකතුකොට දරුවාගේ උපන්දිනය දිනට දරුවා අතින් ආරාම පූජාවට දායකත්වය ලබාදීමට උත්සහවත් කරවන්න. ඒ තුළින් දරුවාගේ උපන් දිනය වෙනුවෙන් දරුවා අග්‍ර පිනක් රැස් කරනු ඇත.