වස්සාන පින්කම් මාලාව සහ කඨින මහා පින්කම-2024

පින්බර වස්සාන සමයේ අප විසින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන් සඳහා පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

01 – භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ උදෙසාත්, අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසාත් සිදුකරනු ලබන විශේෂ බෙහෙත් ඖෂධ පූජාව.
දිනය – අගෝස්තු මස 10 වන සෙනසුරාදා
වේලාව – සවස 5.00 සිට 7.00 දක්වා
ස්ථානය – Waikowhai Intermediate School, Richardson Road, Mount Roskill, Auckland 1041

02 – අසිරිමත් සත්බුදු වන්දනාව
දිනය – සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා
වේලාව – සවස 6.00 සිට 8.00 දක්වා
ස්ථානය – Waikowhai Intermediate School, Richardson Road, Mount Roskill, Auckland 1041

03 – කඨින පුණ්‍යමහෝත්සවය නිමිති කරගෙන පවත්වනු ලබන ආශිර්වාදාත්මක පිරිත් සජ්ඣායනය
දිනය – ඔක්තෝබර් මස 26 වන සෙනසුරාදා
වේලාව – සවස 6.00 සිට 10.00 දක්වා
ස්ථානය – Mount Albert War Memorial Hall, 773 New North Road, Mount Albert, Auckland 1025

2024-10-26 සවස 7.00 සිට 10.30 දක්වා

04 – කඨින චීවර පෙරහර සමගින් කඨින චීවර පූජාව, සංඝගත දක්ෂිණාව.

දිනය – ඔක්තෝබර් මස 27 වන ඉරිදා
වේලාව – උදෑසන 9.00 සිට
ස්ථානය – Mount Albert War Memorial Hall, 773 New North Road, Mount Albert, Auckland 1025

මාසික සීල භාවනා වැඩසටහන

සෑම මසකම එළඹෙන පුන් පොහෝ දිනයට සමගාමීව පවත්වනු ලබන මාසික සීල භාවනා වැඩසටහන
දිනය – සෑම මසකම හතරවන සතියේ සෙනසුරාදා
වේලාව – උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා
ස්ථානය – Waikowhai Intermediate School, Richardson Road, Mount Roskill, Auckland 1041
* උදෑසන, දහවල දානය සහ ගිලන්පස සපයනු ලැබේ.