සිව්දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා යමෙක් කුටි සෙනසුන් සාදා පූජා කරනු ලබත් ද, හේ වනාහී සියල්ල දන් දුන්නා වේ.

(කිංදද සූත්‍රය)

ගෞතම සම්බුදු සසුනේ අභිවෘද්ධිය පිණිස ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවෙන් සිදුකරන ශාසනික සේවාවන් තවදුරටත් පහසුවෙන් සිදු කරගෙනයාම පිණිස නවසීලන්තයේ ඉදිකිරීමට අපේක්ෂිත ධර්ම ශාලාව, සංඝාවාසය සහිත විහාර සංකීර්ණය තැනවීම පිණිස පින්වත් ඔබටත් දායක විය හැකියි. 

ඒ වෙනුවෙන්  අරමුදල් එක් කිරීම පිණිස  ‘‘උත්තම විහාර පූජාව‘‘ නමින් පුණ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 

For the growth and preservation of the Buddha Sāsana of Gautama Buddha, you too can contribute towards the construction of a monastery complex in New Zealand. This planned development will include a Dhamma hall and monastic residences, enabling the Auckland Mahamevnawa Meditation Monastery to continue and expand its religious services more effectively.

To support this effort, a meritorious project titled “Monestry Development Fund” has been initiated to raise the necessary funds.

මේ සඳහා සම්බන්ධ වන ඔබට ඔබගේ දායකත්වය කොටස් වශයෙන් ලබාදිය හැකිය.

ඔබට දායකත්වය බාරගත හැකි  කොටස්වල වටිනාකම

NZD 250/ 500 / 1000 /2500/  5000/ 10000/ 15000 

වශයෙන් වේ. (එසේ නැතිනම් තමන්ට හැකි අයුරින් එය වෙන් කරගත හැකියි). ඒ සඳහා වන මුදල් දායකත්වය එක්වර හෝ කොටස් වශයෙන් පරිත්‍යාග හැකියි.

ජීවිත කාලය තුලදී කළාතුරකින් සිදුකරගත හැකි මහානීය පින්කමක් වන විහාර පූජාවක කොටස් කරුවෙකු වීමට පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

(පින්වත් ඔබත් මේ සඳහා දායක වීමට කැමති නම් පහත පෝරමය පුරවා අප වෙත යොමු කරන්න.)

එසේ නොමැති නම් පහත සඳහන් අපගේ ගිණුමට හෝ PayPal මගින් මුදල් බැරකළ හැකියි.

You can contribute to this project in installments, according to your preference.

The available contribution tiers are:

NZD 250/ 500 / 1000 /2500/  5000/ 10000/ 15000 

(Alternatively, you may choose any amount that is convenient for you.) Donations can be made either as a one-time payment or in installments.

We warmly invite you to take part in this noble and rare meritorious act of contributing towards a Vihāra offering—an opportunity to perform a महान meritorious deed within this lifetime.

(If you wish to contribute, please fill out the form below and send it to us.)

Alternatively, you may transfer your donation to the bank account listed below or make a contribution via PayPal.

    Amount (පින්වත් ඔබ විසින් භාරගැනීමට බලාපොරොත්තුවන ප්‍රමාණය පහතින් සදහන් කරන්න.)

    Payment option

    පින්වත් ස්වාමින් වහන්ස, මා විසින් වෙහෙස මහන්සි වී දැහැමිව උපයන ලද ධනය ඉහත සඳහන් ආකාරයට ගෞතම බුදු සසුනේ අභිවෘද්ධිය පිණිස පූජා කරන බව සැදැහැ සිතින් යුතුව දන්වා සිටිමි.

    Account Details

    ඔබ විසින් විහාර පූජාව වෙනුවෙන් මුදල් පරිත්‍යාගය ගිණුමට බැර කරන්නේ නම් මුදල් තැන්පත් කළ පසු ලැබෙන රිසිට්පත, ඔබගේ නම, දුරකථන අංකය සමග info@mahamevnawa.co.nz යන අපගේ ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. (ඔබ විසින් පරිත්‍යාග කරණු ලබන වටිනාකමට අදාළව  පුණ්‍යානුමෝදනා රිසිට්පතක් ලබා දීම සිදු කෙරේ.)

    • Bank Account No. :-  06 – 0172 – 0819872 – 00
    • Bank Account Name      :-  MAHAMEVNAWA DHAMMA CIRCLE
    • Bank                                :-  ANZ
    • Reference                       :-  Your Name 
    • ANZ Bank New Zealand Limited SWIFT code :- ANZBNZ22
    • විමසීම් – භාණ්ඩාගාරිකතුමා  – +64 21 138 7391
    • අනුශාසක ස්වාමින් වහන්සේ (ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව – +64 21 264 8748

    Paypal

    Please click the donate button to donate now

    මේ සඳහා ඔබට සම්බන්ධ වියහැකි පහසු මග පෙන්වීම් පෙළක්.

    number-one
    number-2
    number-3

    ඔබගේ හෝ ඔබගේ දරුවන්ගේ හෝ ඔබගේ දෙමාපියන්ගේ හෝ උපන්දිනයක් මුල් කරගෙන මෙම උතුම් පින්කමට දායක විය හැකියි.

    ඔබගේ මියපරලොව ගිය දෙමාපිය හෝ වේවා ඤාති හිතමිතුරෙකු වෙනුවෙන් වේවා අග්‍ර වූ පිනක් රැස්කොට පින් අනුමෝදන් කරනු අපේක්ෂාවක් වෙයි නම් මේ විහාර පූජාව සඳහා දායකත්ව කොටසක් ලබාදී එම පින ඔබගේ ඤාතියා වෙනුවෙන් අනුමෝදන් කිරීම.

    ඔබගේ විවාහ සංවත්සරය ආදි ජීවිතයේ විශේෂ දිනයක් නිමිතිකරගනිමින් සුවිශේෂ පිනක් රැස්කරගැනීමට කැමති නම්, මේ අග්‍ර පිනක් වූ ආරාම පූජාව සඳහා කොටස් වශයෙන් දායකත්වය ලබා දී මෙම විහාර පූජාවේ කොටස්  කරුවන් විය හැකිය.

    ඔබගේ දරුවන් තුළ පින උපද්දවන පහසු මගක්...

    ඔබගේ දරුවන්ගේ ජීවිතය පිනෙන් පිරවීම පිණිසත්, දරුවන් හට ඉතිරිකිරීම සහ පින්කිරීම හුරු කිරීම පිණිසත් කුඩා කැටයක් දරුවෙකු හට ලබා දී හැකි අයුරින් මුදලක් එකතුකොට දරුවාගේ උපන්දිනය දිනට දරුවා අතින් ආරාම පූජාවට දායකත්වය ලබාදීමට උත්සහවත් කරවන්න. ඒ තුළින් දරුවාගේ උපන් දිනය වෙනුවෙන් දරුවා අග්‍ර පිනක් රැස් කරනු ඇත.