සිව්දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා යමෙක් කුටි සෙනසුන් සාදා පූජා කරනු ලබත් ද, හේ වනාහී සියල්ල දන් දුන්නා වේ.

(කිංදද සූත්‍රය)

ගෞතම බුදු සමිඳුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් ඔබගේ ජීවිතය සුවපත් කරවන්නටත්, මෙලොව පරලොව යහපත සලසනු පිණිසත්, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන්නට යෙදුණේ මහමෙව්නාව අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු නිර්මාතෘ වන අපගේ ගුරු දේවොත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් යුතුවය.

මේ වන විටත් කුලී පදනමක් යටතේ පවත්වාගෙන යනු ලබන නිවෙසක පින්වත් ස්වාමීන් වහන්සේලා තුන් නමක් වැඩ සිටින අතර, ගෞතම බුදු සමිඳුන්ගේ නිමල දහමින් ඔබගේත්, ඔබගේ දරුවන්ගේත් ජීවිත සුවපත් කරන්නට නොයෙක් අයුරින් සදහම් වැඩසටහන් පෙළක් ද දියත් කෙරෙමින් පවතී. 

ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුවෙන් සිදුකරන ශාසනික සේවාවන් තවදුරටත් පහසුවෙන් සිදු කරගෙනයාමටත්, මහ සඟරුවනේ පහසුව පිණිසත් හැකි ඉක්මණින් ස්ථිර භූමියක් පූජාකිරීමට අවශ්‍යතාවය පවතියි. නවසීලන්තයේ පවතින නීතිමය තත්වය යටතේ ආයතනයක් වෙනුවෙන් භූමියක් මිලදී ගැනීමේදී අවශ්‍ය මූලික මුදල (down payment) 35% වන අතර එම මුදල සපයා ගැනීමට පින්වත් ඔබටත් ශක්ති පමණින් දායක විය  හැකියි.

ඒ වෙනුවෙන්  ආරම්භ කරන ලද උත්තම ආරාම පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ”රන්කහවනු පූජාව” නමින් අරමුදල් එක් රැස්කිරීමට ක්‍රමයක් සකස් කර ඇත.

මේ සඳහා සම්බන්ධ වන ඔබට ඔබගේ දායකත්වය කොටස් වශයෙන් ලබාදිය හැකිය.

ඔබට දායකත්වය බාරගත හැකි රන්කහවණු කොටස්වල වටිනාකම

NZD 500 / 1000 /2500/  5000/ 10000/ 15000 / 25000

වශයෙන් වේ. (එසේ නැතිනම් තමන්ට හැකි අයුරින් එය වෙන් කරගත හැකියි). ඒ සඳහා වන මුදල් දායකත්වය එක්වර හෝ කොටස් වශයෙන් පරිත්‍යාග හැකියි.ඔබ විසින් බාරගෙන පරිත්‍යාග කරණු ලබන වටිනාකමට අදාළව සමරු සිහිවටනයක් ලෙසින් එම රන් කහවණුව ඔබට ලබා දීම සිදුකෙරේ.

ජීවිත කාලය තුලදී කළාතුරකින් සිදුකරගත හැකි මහානීය පින්කමක් වන ආරාම පූජාවක කොටස් කරුවෙකු වීමට පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

(පින්වත් ඔබත් මේ සඳහා දායක වීමට කැමති නම් වැඩි විස්තර ලබා ගැනීමට පහත පෝරමය පුරවා අප වෙත යොමු කරන්න.)

එසේ නොමැති නම් පහත සඳහන් අපගේ ගිණුමට හෝ PayPal මගින් මුදල් බැරකළ හැකියි.

    Amount (පින්වත් ඔබ විසින් භාරගැනීමට බලාපොරොත්තුවන රන් කහවණු ප්‍රමාණය පහතින් සදහන් කරන්න.)

    Payment option

    පින්වත් ස්වාමින් වහන්ස, මා විසින් වෙහෙස මහන්සි වී දැහැමිව උපයන ලද ධනය ඉහත සඳහන් ආකාරයට ගෞතම බුදු සසුනේ අභිවෘද්ධිය පිණිස පූජා කරන බව සැදැහැ සිතින් යුතුව දන්වා සිටිමි.

    Account Details

    ඔබ විසින් ආරාම පූජාව වෙනුවෙන් මුදල් පරිත්‍යාගය ගිණුමට බැර කරන්නේ නම් මුදල් තැන්පත් කළ පසු ලැබෙන රිසිට්පත, ඔබගේ නම, දුරකථන අංකය සමග info@mahamevnawa.co.nz යන අපගේ ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. (ඔබ විසින් පරිත්‍යාග කරණු ලබන වටිනාකමට අදාළව සමරු සිහිවටනයක් ලෙසින් අදාළ රන් කහවණුව ඔබට ලබා දීම සහ පුණ්‍යානුමෝදනා රිසිට්පතක් ලබා දීම සිදු කෙරේ.)

    • Bank Account No. :-  06 – 0172 – 0819872 – 00
    • Bank Account Name      :-  MAHAMEVNAWA DHAMMA CIRCLE
    • Bank                                :-  ANZ
    • Reference                       :-  Your Name 
    • ANZ Bank New Zealand Limited SWIFT code :- ANZBNZ22
    • විමසීම් – භාණ්ඩාගාරිකතුමා  – +64 21 138 7391
    • අනුශාසක ස්වාමින් වහන්සේ (ඕක්ලන්ඩ් මහමෙව්නාව භාවනා අසපුව – +64 21 264 8748

    Paypal

    Please click the donate button to donate now

    මේ සඳහා ඔබට සම්බන්ධ වියහැකි පහසු මග පෙන්වීම් පෙළක්.

    number-one
    number-2
    number-3

    ඔබගේ හෝ ඔබගේ දරුවන්ගේ හෝ ඔබගේ දෙමාපියන්ගේ හෝ උපන්දිනයක් මුල් කරගෙන මෙම උතුම් පින්කමට දායක විය හැකියි.

    ඔබගේ මියපරලොව ගිය දෙමාපිය හෝ වේවා ඤාති හිතමිතුරෙකු වෙනුවෙන් වේවා අග්‍ර වූ පිනක් රැස්කොට පින් අනුමෝදන් කරනු අපේක්ෂාවක් වෙයි නම් මේ ආරාම පූජාව සඳහා දායකත්ව කොටසක් ලබාදී එම පින ඔබගේ ඤාතියා වෙනුවෙන් අනුමෝදන් කිරීම.

    ඔබගේ විවාහ සංවත්සරය ආදි ජීවිතයේ විශේෂ දිනයක් නිමිතිකරගනිමින් සුවිශේෂ පිනක් රැස්කරගැනීමට කැමති නම්, මේ අග්‍ර පිනක් වූ ආරාම පූජාව සඳහා කොටස් වශයෙන් දායකත්වය ලබා දී මෙම ආරාම පූජාවේ කොටස්  කරුවන් විය හැකිය.

    ඔබගේ දරුවන් තුළ පින උපද්දවන පහසු මගක්...

    ඔබගේ දරුවන්ගේ ජීවිතය පිනෙන් පිරවීම පිණිසත්, දරුවන් හට ඉතිරිකිරීම සහ පින්කිරීම හුරු කිරීම පිණිසත් කුඩා කැටයක් දරුවෙකු හට ලබා දී හැකි අයුරින් මුදලක් එකතුකොට දරුවාගේ උපන්දිනය දිනට දරුවා අතින් ආරාම පූජාවට දායකත්වය ලබාදීමට උත්සහවත් කරවන්න. ඒ තුළින් දරුවාගේ උපන් දිනය වෙනුවෙන් දරුවා අග්‍ර පිනක් රැස් කරනු ඇත.